ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ගැන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියන කතාව. (VIDEO)
Ministry of Education
Sri Lanka
By krishani
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට රජය රුපියල් බිලියන 42 කට ආසන්න මුදලක් ඇස්තමේන්තු කර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ ය.
ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමග එම සන්ධානයේ නියෝජිතයින් පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
මේ අතර පසුගිය වසරේ දී රජය විසින් වසර 25 කට වැඩි කාලයක් පැවති ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස හිඟ වැටුප්වලින් තුනෙන් එකක කොටසක් ලබාදීමට කටයුතු කළේ ය.
කෙසේ වෙතත්, ඊයේ(14) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හමු වූ අවස්ථාවේ දී එහි ඉතිරි තුනෙන් දෙකක හිඟ වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
විඩියෝ දර්ශන - Hiru News YouTube Channel
