දවස් ගාණකට පස්සේ ගෑස් එයි - ගෑස් ගන්න ජනතාව පොරකයි

Report

නුවරඑළිය ප්‍රදේශයට දින ගණනාවකට පසුව ලිට්රෝ ගෑස් සමාගම මඟින් ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග සීමිත ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඉන් ගැස් මිලදී ගැනිමට පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල ඉදිරිපිට දිගු පොලිම්වල රැදී සිටිය ආකාරය දක්නට ලැබුණා.

මේ අතර දින ගණනාවක සිට නුවරඑළිය නගර සීමාවට ලාෆ් ගැස් බෙදාහැර නොමැති බවද ලාෆ් ගැස් පාරිභෝගිකයන් ප්‍රකාශ කරයි.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින මෙම ගෑස් හිඟය සම්බන්ධයෙන් ඊයේ(19) දින අඳාළ පාර්ශව මඟින් නිවේදන නිකුත් කරමින් සඳහන් කර සිටියේ අවශ්‍ය ගෑස් ප්‍රමාණය කඩිනමින් ලබා දීම සිදු කරන බවයි.

එබැවින් අනවශ්‍ය බියක් ඇති කර ගෙන ගෑස් රැස්කිරීමට කටයුතු නොකරන ලෙසද දන්වා සිටියා.

මේ අතර ඊයේ දින පාර්ලිමේන්තුවේදී ද ගෑස් අර්බුදය සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩ නැගුණු අතර එහිදී මෙම ගෑස් අර්බුදය මතු වීමට හේතු සාධක ද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කර සිටියා.

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන එම සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන එම සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්