BMW එකක් නිසා ජොන්ස්ටන්ටසිදු වූ දෙයක්..

Report

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇත.

මෙවර මහමැතිවරණයේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක..

මෙවර මහමැතිවරණයේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක..

ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර අංක තහඩුවක් භාවිතා කරමින් රථය මාර්ගයේ ගමන් කර ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මේ නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වනුයේ.

මේ රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ලොකු කුඩා කව්රුත් ආස ‘විනී ද පූ’ ට කරලා තියන නරක වැඩේ..(VIDEO)

ලොකු කුඩා කව්රුත් ආස ‘විනී ද පූ’ ට කරලා තියන නරක වැඩේ..(VIDEO)

මෙම කාරි රථය මෙරටට ගෙන්වූයේ කව්ද කවදාද භාවිතා කෙරේ කවුද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

කොටස් හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස නවතා තිබෙන බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.