ජොනී කාඩෝසෝට ලෝක කුසලානය අහිමි වෙයි
ඇමරිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන මැදපෙළ ක්‍රීඩකයෙකු වන ජොනී කාඩෝසෝට දරුණු පාදයේ ආබාධයක් හේතුවෙන් ඉදිරි ලෝක කුසලාන තරගාවලිය අහිමි විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන කාඩෝසෝ, දකුණු විලුඹේ ඇති වූ බරපතළ ආබාධයක් සඳහා ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත බව සඳහන් වේ.

මෙම තත්ත්වය, සම සත්කාරකත්වය දරන ඇමරිකානු කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරන කරුණක් ලෙස සැලකේ.
මේ අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොරිසියෝ පොචෙටිනෝ ලෝක කුසලාන සංචිතය නම් කිරීමට සූදානම් වන අවස්ථාවේදී, ක්‍රිස්ටියන් පුලිසික් ඇතුළු තවත් ප්රමුඛ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ආබාධවලට ලක්ව සිටීම විශේෂත්වයකි.
ලෝක කුසලාන තරගාවලියට පෙර ඇමරිකානු කණ්ඩායම සෙනගාලය සහ ජර්මනිය සමඟ පුහුණු තරග දෙකකට සහභාගී වීමට ද නියමිතය.