මෙරට ලක්ෂ 12 කගේ රැකියා එකවරම අහිමි වෙයි..

Sri Lanka Politician Government Employee Government Of Sri Lanka
By Aruna Jul 30, 2023 01:18 AM GMT
Aruna

Aruna

Report

ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඊට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි වී ඇති බවයි ඔහු අවධාරණය කළේ.

මෙම පිරිසට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන ලෙසට ද මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ටද සිය ජීවිකාව අහිමි වී ඇති බවයි ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දුන්නේ.

මේ පිරිස සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු එක්රැස් කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාව කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනන්නේ, මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බවයි.

මෙලෙස මුදල් ලැබී නොමැති පිරිස් අතර මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම, ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද සිටින බවයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් අවධාරණය කළේ.

ReeCha