මෙන්න ඔබටත් සුපිරිම අවස්ථාවක් - රැකියා සොය සොයා එහේ මෙහේ ගියාද..?එහෙනම් මෙන්න අවස්ථාව..

By Sewvandhi Sep 10, 2024 03:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

මෙලස හිමිව ඇත්තේ, ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථායි.

ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුම අනුව වසර 5යි මාස 5ක කාලයක් එරට රැකියාවල නිරතවීමට අවසර හිමිවනවා.

රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබාදී නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

එබැවින් ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.