යළිත් එළියට ආ මිරිස් කුඩු ගසා සිදු කරන රන් මාල කොල්ලය..!

Sri Lanka Police Kalutara Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 05, 2023 03:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දකුණු කළුතර පොලිසිය විසින් මුහුණට මිරිස්කුඩු එල්ලකර රන්මාල කොල්ලකෑ පුද්ගලයින් 05 දෙනෙකු ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අවුරුදු 30 ට අඩු වයස්වල පසුවන තරුණයින් බවයි.

ඔවුන් ත්‍රිරෝද රථ දෙකකින් සහ සොරකම් කල යතුරුපැදියකින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකා තිබෙනවා.

එමෙන්ම ව්‍යාපාරික ස්ථාන වලට අනවසරෙන් ඇතුලු‍ වී ජෙනරේටර්, වාහන සේදුම් යන්ත්‍ර, ජංගම දුරකථනය සහ තවත් භාණ්ඩ කොල්ල කා ඇති බවටයි වාර්තා වන්නෙ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha