උණ වටුනෙදි අති සුඛෝපභෝගී ජීප් රථයක් ගිනි ගෙන විනාශ වූ හැටි. (PHOTOS)

By Sithumi Feb 19, 2022 06:19 PM GMT
Sithumi

Sithumi

Report

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන පීල්ලගොඩ ප්‍රදේශයේ අද (19) රාත්‍රී 8.45 ට පමණ Discovery වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් ගිනි ගෙන දැඩි අලාභ හානි සිදු වී ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙම ජීප් රථය මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී අවශ්‍යතාවයක් සඳහා පීල්ලගොඩ ප්‍රදේශයේ නතර කල අවස්ථාවේ මෙම ගිනි ගැනීම සිදුව තිබෙන අතර සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල හෝ හානි සිදු වී නොමැති බවද පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් හා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery