රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධද බවට ප්‍රචාර - ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව නිවේදනයක්
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ නිදහස්ව සිටින තමන්ව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිරීමට උත්සාහ කරමින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
ඇතැම් පාර්ශ්වයන් විසින් තමන් ඉලක්ක කර ගනිමින් සිදුකරන එවැනි පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තමන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව තහවුරු වී අධිකරණයෙන් නිදහස්ව සිටින පසුබිමක, යළිත් මෙවැනි චෝදනා එල්ල කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවයි.
ඒ අනුව, තමන්ගේ නම ඈඳමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.