ජපන් වාහන ලංකාවට ගෙන්වීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Japan Sri Lanka Relationship Japan Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna May 04, 2024 03:23 AM GMT
Aruna

Aruna

Report

වාහන ආනයන සීමා කඩිනමින් ඉවත් කළද ජපානයෙන් මෝටර් රථ ගෙන්වීමට තවත් කාලයක් ගතවනු ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණ කර සිටිනවා.

ප්‍රධාන ප්‍රවෘති නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි උපදේශක ජනක රාමනායක මහතා කියා සිටියේ, කොවිඩ් සමයේ වාහන ආනයනය සීමා පනවන විට විවෘත කළ ණයවර ලිපි සඳහා ගෙවීම් අත්හිටුවීමට රජය තීරණය කිරීම ඊට හේතුවක් වී ඇති බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, සංචාරක කර්මාන්තය සඳහා වාහන ගෙන්වීම පිළිබඳව රජය තමන් දැනුවත් නොකළ බවයි.