ජපානයට අද අතිශය වැදගත් දවසක්
අද (08) දින ජපානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙවර මැතිවරණය සඳහා මිලියන 103කට අධික ජන්දදායකයින් ඡන්දය භාවිත කිරීමට සූදානම්ව සිටියි.
රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක ඡන්ද විමසීම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වේ. දැනට කල මත විමසුම් අනුව, ජපාන අගමැතිනි සනයි තකයිචි මේ වනවිට ඉදිරියෙන් පසුවන බවත්, ඇය නායකත්වය දරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇති සන්ධානයට වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි විය හැකි බවත් විශ්ලේෂකයින් පවසති.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්වූවාය.
ඒ සඳහා ඇයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක්ද ලැබුණු අතර එහිදී ඇය බලයට පත්වූයේ ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු අග්‍රාමාත්‍යවරිය ලෙසද වෙමිනි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනකක් ගතවූ පසු පසගියදා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.