හමුදාවට අලුතින් බඳවාගන්නා පිරිස්වලට හිසකෙස් වැවීමට අවසර හිමිවෙයි..හේතුව තරුණ තරුණයින්ගේ ආකර්ෂණය ගන්නලු..
By Aruna
තරුණ තරුණියන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් හමුදාවට අලුතින් බඳවාගන්නා පිරිස්වලට හිසකෙස් වැවීමට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබාදී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, ලබන අප්‍රේල් මාසයේ සිට හමුදා භටයින්ට දිගු කෙස් වැවීමට නීති ලිහිල් කර ඇති බව සඳහන් වන අතර නව නීතිවලට අනුව, පිරිමි භටයින්ට පසුපස සහ පැත්තට මෙන්ම ඉහළට දිගු කෙස් වැවීමට ද කාන්තාවන්ටද දිගු කෙස් කළඹකට අවසර ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පවසනවා, උපත් අනුපාතිකය අඩුවීම සහ ලොව වයස්ගතම ජනගහණය මෙන්ම අඩු වැටුප් සහ චිත්ත ධෛර්යය අඩුවීම හේතුවෙන් ජපාන හමුදාවට එක්වන තරුණ පිරිස් වල අඩුවක් දක්නට ලැබෙන බවයි.