ජනප්‍රිය නළු ජනිත් වික්‍රමගේ තම උපන්දිනය වෙනුවෙන් 29වෙනි වරටත් කරපු දේ..(PHOTOS)
අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිහතමානී රංගන ශිල්පියෙක් තමයි ජනිත් වික්‍රමගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සියත රුපවාහිනී නාලිකාවේ විකාශනය වන ස්ටාර් වොර්ස් වැඩසටහනත් ඔහු විසින් මෙහෙයවනු ලබනවා.
ඉතින් ඒ වගේම ඔහුගේ මව සහ පියා වන මානෙල් වානගුරුගේ සහ ආනන්ද වික්‍රමගේ යන ආදරණීය කළා යුවලත් අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ කළා යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ජනිත් වික්‍රමගේගේ සහෝදරයා වන සංකේත් වික්‍රමගේ කියලා කියන්නෙත් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය කළා තරුවක්.
ඉතින් ජනප්‍රිය කළා පවුලකින් පැවතගෙන එන කවුරුත් ආදරය කරන ජනිත් වික්‍රමගේගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. කොහොම නමුත් ඔහු අනිත් රංගන ශිල්පීන්ට වඩා වෙනස් වෙන්නේ ඔහු සිතන පතන ආකාරයත් අනිත් රංගන ශිල්පීන්ට වඩා වෙනස් නිසයි.
ඉතින් සුපුරුදු පරිදි සෑම වසරකම ඔහුගේ උපන්දිනය යෙදෙන දිනට ඔහු බොහෝ දෙනෙක් නොකරන විදිහේ වෙනස් විදිහේ වැඩක් කරනවා. ඉතින් ඒ තමයි අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගන්න ලේ කදවුරක් පැවැත්වීම.
ඉතින් හැමදාම වගේ මෙදා පාරත් ජනිත් එයාගේ උපන්දිනය වෙනුවෙන් මේ උතුම් පිංකම සිදුකරලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක්ද ඉදිරිපත් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
එහිදී ඔහු පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක් උපන්දින සාද වල නිවී නිවී දැල්වෙන නේක වර්ණ විදුලි බුබුළු, වර්ණවත් කේක් සැරසිලි තත්පරෙන් තත්පරේ මොහොතින් මොහොත නිවී යන බව දැනුනද, මම මගේ ජීවිතයේ හැම අවුරුද්දකම දායකයන් දෙසිය පනහක් එකතු කර ගැනීමට උත්සහ කළා.
එමගින් අවුරුද්දකට ජීවිත දහසක් බේරා ගැනීමට උත්සහ කළා. සමහරවිට ඔබ ලේ දන් දුන්නේ නැති වෙන්නත් ඇති. හැබැයි ඔබේ පැමිණීම තවකෙකු උත්තේජනය කළා. ඔබට පින් කියලා තමයි ජනිත් වික්‍රමගේ ඔහුගේ උතුම් පිංකම ගැන සඳහන් කරලා තිබුනේ. ඉතින් ජනිත් වික්රමගේට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |