හින්දු පූජකවරු ජනපති ලේකම් හමු වේ

Report

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර විශේෂ හමුවක් අද (26) කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලැබීය.

කඳුරට ප්‍රදේශයේ වෙසෙන හින්දු පූජකවරුන් දශක කිහිපයක සිට මුහුණ දෙන විවිධ වෘත්තීය සහ සමාජීය දුෂ්කරතා මෙන්ම පොදු ගැටලු කිහිපයක් මෙහිදී ජනාධිපති ලේකම්වරයාගේ අවධානයට යොමු කෙරිණි.

එම ගැටලු සඳහා ක්‍රමානුකූල සහ ස්ථිර විසඳුම් සෙවීම වෙනුවෙන් රජයේ උපරිම මැදිහත් වීම ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සහතික විය.

පවතින ගැටලුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සෑම මාස දෙකක හෝ තුනක කාලයකට වරක් නිල වශයෙන් රැස්වී සාකච්ඡා කිරීමට ද දෙපාර්ශ්වය මෙහිදී එකඟතාවකට පැමිණියහ.

මීට අමතරව, වතුකරය ඇතුළු කඳුරට ප්‍රදේශවල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම උදෙසා වත්මන් රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි - රටට වෙන්න යන දේ මෙන්න

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි - රටට වෙන්න යන දේ මෙන්න

තමන් මුහුණ දෙන ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමට මෙලෙස අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් හින්දු ආගමික නායකයෝ රජයට සිය කෘතඥතාව පළ කළහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහා ලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු ආගමික නායකයන් පිරිසක් ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුද්දන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි