වෙසක් එකට පිස්සු හැදෙන ආරංචියක් - සියලුම රූපලාවන්‍ය සත්කාර ලබා දෙන දන්සලක්

Report

ජාතික තරුණ සේවා සභාව වෙසක් පොහොය නිමිත්තෙන් "ලස්සන" දන් දීමේ දන්සැලක් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ජාතික තරුණ සේවා සභා පරිශ්‍රවලදී වෙසක් දින (30) දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

ඒ අනුව "ලස්සන දන්සල" වශයෙන් නම් කර ඇති මෙහිදී ජනතාවට නොමිලේ රූපලාවන්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ සේවාවන් ලබාදීම සිදු කෙරෙන බව ජාතික තරුණ සේවා සභාව සඳහන් කරයි.

ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක නිලධාරී ශ්‍යාමලී ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ ජාතික තරුණ සේවා සභාව පසුගිය වසරේ මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙම දන්සල සංවිධාන කළ බවයි.

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

එබැවින් එහි සාර්ථකත්වය හේතුවෙන් මේ වසරේ දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි "ලස්සන දන්සල" පවත්වන බව ඇය දැනුම් දෙයි.

එසේම ශ්‍යාමලී මහත්මිය සඳහන් කළේ කොණ්ඩය කැපීම, ඇහි බැම සැකසුම්, හිස සම්බාහනය, සමට ප්‍රතිකාර ඇතුළු රූපලාවන්‍ය සත්කාර ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු වැඩසටහන් මඟින් පුහුණුව ලැබූ තරුණ තරුණියන් අතින් මෙහිදී සිදු කෙරෙන බවයි.

එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සැලසුමකට අනුව මෙම දන්සල් මාලාව පැවැත්වෙන බව සඳහන්.

ගිනියම් වූ ලංකාවේ ආර්ථික අර්බුදය මැද මහ බැංකුවෙන් කොළ එළියක්

ගිනියම් වූ ලංකාවේ ආර්ථික අර්බුදය මැද මහ බැංකුවෙන් කොළ එළියක්

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ලාංකිකයන්ට ඉන්දියාවට යන්න හරිම ලේසියි

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ලාංකිකයන්ට ඉන්දියාවට යන්න හරිම ලේසියි

GalleryGallery