කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එම්.කේ.ඩී.එන්.මාදම්පේ මහත්මිය පත් කෙරේ

Report

දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි, එම්.කේ.ඩී.එන්.මාදම්පේ මහත්මිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ විමල් එස්.කේ.ලියනගම මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම මත පුරප්පාඩුව පවතින එම තනතුරට සුදුසු නිලධරයෙකු පත් කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මතයි මෙම පත් කිරීම සිදුකර තිබේ .