ඇල්ටෝ ධර්මේ ඩුබායි හිදී අත්අඩංගුවට

Report

දිවයිනේ සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන ‘ඇල්ටෝ ධර්මේ’ නැමැත්තා ඩුබායි පොලීසිය විසින් විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ඇති සුවිශේෂීම තත්ත්වය වන්නේ සැකකරු සමඟ ඩුබායිහි රැඳී සිටි ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබීමයි.

නව නීතියක් - පක්ෂ මාරු කළොත් මන්ත්‍රීකම අහෝසියි ?

නව නීතියක් - පක්ෂ මාරු කළොත් මන්ත්‍රීකම අහෝසියි ?

ජාත්‍යන්තර මට්ටමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම ඇතුළු බරපතළ අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇති මෙම සැකකරු මෙරට ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි අයෙකි.

මොහු ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ‘රතු නිවේදන’  පවා නිකුත් කර තිබූ ප්‍රබල ගණයේ අපරාධකරුවෙකි.

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

දිගු කලක් තිස්සේ විදෙස් රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයන් හැසිරවූ ‘ඇල්ටෝ ධර්මේ’ නමැති මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේදී ලංකාවට පිටුවහල් කරවා ගැනීමට අදාළ නෛතික කටයුතු රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.