සරාගී නිළි ජැක්ලීන්ට තෑගි දුන් සුප්‍රකට පාතාල ලොක්කා සියල්ල වමාරයි

By Sewvandhi Dec 07, 2021 05:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා මුම්බායි ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරින් විසින් නවතාගෙන තිබුනා. ඒ ඇය සංදර්ශනයක් සඳහා ඩුබායි යාමට ගුවන් තොටුපළට පැමිණ තිබු විටයි. ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය, ඊට අදාලව සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් මීට පෙරද ප්‍රශ්න කළා.

ඒ ඇය ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා බවයි. ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පවසන්නේ, ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර එය තවමත් අවසන්ව නොමෙති බවයි.

ඒ අතරතුරදී ජැකලින්, සුකේෂ්ගෙන් රුපියල් කෝටි 10ක තෑගි ලබාගෙන ඇති බවට නිලධාරින් හෙළි කරගෙන තිබෙනවා. ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු සහ ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකුද මෙම ත්‍යාග අතරට ඇතුළත් බවයි චෝදනා පත්‍රයේ ජැකලින්ට චෝදනා ගොනු කර ඇත්තේ.

මීට අදාළව ජැකලින්ගේ සමීපතමයින්ගෙනුත් මේ ගැන ප්‍රශ්න කළ බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරනවා. මීට පෙර ප්‍රශ්නකිරීම් වලදී චන්ද්‍රසේකර් සඳහන් කළේ, ජැකලින්ට තමන් මෝටර් රථයක් තෑගි දුන් බවයි. කෙසේ වෙතත්, ඇයට එල්ල වන චෝදනා බොරු බවට ඇතැම් පාර්ශව සඳහන් කරනවා.

ඇය මෙහි ගොදුරක් බවට පත්ව ඇති බවත්, මෙම පරීක්ෂණයේදී ඇය ඊට සහාය දක්වා ඇති බවත් ජැකලින්ට හිතවත් පාර්ශව සඳහන් කරනවා. මෙම හේතුව නිසාම ජැකලින්ගේ "ඩුබායි සංචාරයට" බාධා එල්ල වුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW