දොස්තරට කණට ගැහුවේ මා නොවේ කාලි මෑණියන්…- ධම්මික බණ්ඩාර කියයි..
Dhammika Bandara
Doctor
By Thaya
පේරාදෙණිය රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට පහර දීමක් සිදු කළ බව සත්‍ය නමුත් එය සිදු කළේ තමන් විසින් නොව කාලි මෑණියන් විසින් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
පේරාදෙණි රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතා විසින් පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද පරීක්‍ෂණයේදී ඔහු මේ බව කෑගල්ල පොලිසියට සඳහන් කර තිබේ.
තමන් විසින් සිදු කරන ද එහිදී වෛද්‍යවරයාගෙන් බලහත්කාරයෙන් වීඩියෝ පටිගත කිරීමක් කල බවද ඔහු පොලිසියේ දී පිලි ගෙන ඇත.
ඒවා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ එකඟතාව මත දෙපාර්ශවය එම ගැටලුව සමථයකට පත් කර ගෙන ඇත.
වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී ඔහු පහර දුන්නේ යැයි චෝදනා කරමින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කෙරිණ.