ලොවම කම්පාකරමින් වැරදීමකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කරයි - (PHOTOS)
By Sewvandhi
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටි තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු ඝාතනය කළ බවට ඊශ්‍රායල හමුදාව පවසා ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වන්නේ , මෙලෙස ඝාතනය කර ඇත්තේ 28, 22 සහ 26 හැවිරිදි තරුණයින් තිදෙනෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් එම වැරදීම සම්බන්ධයෙන් ඔවුන් කණගාටුව පළ කරන බවත් ය.
ගාසාහි උතුරේ ෂෙජායියාහි ක්‍රියාත්මක වූ මෙහෙයුමක දී ඊශ්‍රායල හමුදාව ඔවුන් තිදෙනාට වෙඩි තැබූ බවයි සඳහන් වන්නේ
ඔක්තෝම්බර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් සිරගතව සිටිනවා
එම තිදෙනාගේ සිරුරු ඊශ්‍රායල භූමිය වෙත ආපසු ලබා දී ඇති අතර එහිදී ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර තිබෙනවා