ඊශ්‍රායල් රැකියා සඳහා යන මෙරට තරුණ තරුණියන්ට අලුතින් පරීක්ෂණයක් සමත් වෙන්න වෙයි..පරීකෂණයට මුහුණ දෙන්න ගිය පිරිසක් ක්ලාන්තෙ දාල වැටෙයි.
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ රැකියා සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක දී ඊට සහභාගී වූ කිහිප දෙනෙකු ක්ලාන්ත වී වැටී සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ඔවුන්ව රෝහල් ගත කළ පුවතක් වාර්තා වේ.
ඉකුත් 06 වැනි දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකරු - බඳවාගැනීම් (ඊශ්‍රායල් අංශය) විසින් කෙටි පණිවිඩයක් මගින් අදාළ පිරිස වෙත දන්වා තිබුණේ, "ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ පුහුණුව සම්පුර්ණ කරන ලද ඔබ වෙත කරනු ලබන දැනුම් දීමයි යනුවෙනි.
ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් ගන්නා ලද තීරණයක් අනුව ඔබගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් (2.5km ක දුරක් විනාඩි 10ක කාලයක් තුල දිවීම, 50kg බරැති වැලි කොට්ටයක් 100m දුර අඛණ්ඩව රැගෙන යාම) පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර ඒ සදහා ඔබ 2025.01.10 වන දින උදෑසන 6.30 වන විට හෝමාගම,දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමි යන්නයි
එදිනට පැමිණීමේදී කළු පැහැති බොටම් කලිසමක් සහ සුදු පැහැති ටී ෂර්ටයකින් සැරසී පැම්ණෙන ලෙසත් ඉහතින් සදහන් කරන ලද ප්‍රායෝගික පරීක්ෂණ සදහා ඔබ ශාරීරිකව සහ මානසිකව යෝග්‍ය ද යන්න පිළිබදව රජයේ ලියාපදිංචි හෝ පිලිගත් වෛද්‍යවරයකුගෙන් යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙන දිනට දිනකට පෙර ලබා ගත් වෛද්‍ය වාර්තාවක් සහ සුදු පැහැති පසුබ්මේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක් රැගෙන එන ලෙසත් තවදුරටත් දන්වා සිටිමු." යනුවෙන් එම පණිවුඩය මගින් දන්වා ඇත.
එම පණිවිඩයට අදාළව රැකියා අපේක්ෂකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනීම සඳහා 2.5km ක දුරක් විනාඩි 10ක කාලයක් තුළ දිවීම සහ 50kg බරැති වැලි කොට්ටයක් මීටර් 100ක් දුර අඛණ්ඩව රැගෙන යාම වැනි යෝග්‍යතා පරීක්ෂණ පවත්වන බවත්, ඒ සඳහා රජයේ ලියාපදිංචි හෝ පිලිගත් වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
ඉදිරි වසර 05 හේ නව රැකියා විශාල ප්‍රමාණයක්..තරුණ තරුණියන්ට මෙන්න සුපිරි අවස්ථාවක්..බිහිවන නව රැකියා ලැයිස්තුව මෙන්න.
නමුත් එම පරීක්ෂණය සඳහා පැමිණි පිරිස කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පිරිස වෙත ගොස් එම දුර දිවීම සඳහා ලබා දී ඇති කාලය දිර්ඝ කරදෙන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැතිව ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය ඒ ආකාරයෙන්ම පවත්වා තිබූ බවයි වාර්තා වන්නේ.
එවන් තත්ත්වයක් තුළයි මේ ආකාරයෙන් ඊට මුහුණ දුන් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ක්ලාන්ත වී රෝහල් ගත කිරීමට සිදු වීමේ සිද්ධිය වාර්තා වන්නේ.
මෙම යෝග්‍යතා පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් 500කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර යුධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම පරීක්ෂණය පැවැත් වූ බවද පැවසේ.
You May Like This Video