ඊශ්‍රායලයේ යන අයට මෙන්න සතුටුදායක ආරංචියක්..

Manusha Nanayakkara Government Employee Sri Lanka Israel
By Aruna Apr 13, 2024 02:21 AM GMT
Aruna

Aruna

Report

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා රැකියාලාභීන් 125 දෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, එරට ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම මෙය බවයි.

එලෙස දිවයිනෙන් පිටත්ව යාමට නියමිත රැකියාලාභීන්ට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සිදුකෙරුණේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්.

රැකියාලාභීන් 125 දෙනා ඇමතූ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී කියා සිටියේ, තම රාජකාරි නිසි අයුරින් ඉටුනොකළහොත් ඉදිරියේදී ඊශ්‍රායලට යාමට නියමිත 20,000ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ටද අසාධාරණයක් වන බවයි.

මෙම විශේෂ අවස්ථාවට අදාල ඡායා රූප පහතින් ,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha