ගාසා තීරය දෙකඩ වෙයි. - ඊශ්‍රායල මෙහෙයුම් තර කරයි.
Israel
Israel-Hamas War
By Wayomi
මේ වනවිට ඊශ්‍රායල හමුදා ගාසා තීරය දකුණු වෙරළ තීරය දක්වා සිය මෙහෙයුම් වැඩිකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසන්නේ, ගාසා තීරය උතුර සහ දකුණ ලෙස වෙන්කර ඇති බවයි.
සටන් දරුණු වන අවස්ථාවක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් තුර්කියේ සංචාරයක් ආරම්භ කර ඇති අතර මානුෂීය සටන් විරාමයක් සඳහා හමාස් සහ ඊශ්‍රායලය එකඟ කරවා ගැනීම ඔහුගේ අරමුණ වෙයි.
කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ මේ අවස්ථාවේ ඔවුන් සටන් නැවතුමක් සඳහා එකඟ නොවන බවයි.
