ඊශ්‍රාලය දරුණු වෙයි.. මෙතෙක් කළ බිහිසුණුම ප්‍රහාරය අද දියත් කරයි.
පසුගිය ඔක්තොම්බර් 7 වනදා ඊශ්‍රායලට එල්ල වූ හමාස් ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ඊශ්‍රාලය දිගින් දිගටම ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඉන්ධන, විදුලිය, වෛද්‍ය සැපයුම්, ආහාර යනාදිය ලබාදීම ද අත්හිටවනු ලැබුවා.
මේ වන විට මේ සම්බන්ධයෙන් ලෝකයේම අවදානය යොමු වී ඇති අතර අමෙරිකාව ප්‍රභලව ඊශ්‍රායලට සහය දක්වන අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ද වක්‍රාකාරයෙන් සහය දක්වන ආකාරයක් පෙනී යනවා.
එවැනි පසුබිමක මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ගැටුම් ආරම්භවීමෙන් පසු ගාසා තීරයට එල්ල වූ දරුණුම ප්‍රහාරය ලෙස ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ දී ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ අතර, ක්ෂණික මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන් හමුවේ ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූණා.
ශ්‍රී ලංකාව ද එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. දින 22ක් පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊයේ රාත්‍රීයේ දී ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණු අතර ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඔවුන් ගොඩබිම් මෙහෙයුම් ද තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඔක්තෝබර් 07වනදා ප්‍රහාරයේ මෙහෙයුම් ප්‍රධානියෙකු මරා දැමුණු බවද ඊශ්‍රායලය පවසනවා.
මේ වන විට ගාසා තීරයේ දුරකතන සහ අන්තර්ජාල සබඳතා මුළුමනින් ඇණහිට තිබෙන අතර සති තුනක කාලයක් පුරා ක්‍රියාත්මක ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 7,000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති පිරිස 19,000කට අධිකයි.
මියගොස් ඇති දරුවන් සංඛ්‍යාව 3,000කට ආසන්න බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.
