වහාම ක්‍රියාත්මක වන පරිදි නගරයක් වසා දැමේ (VIDEO)
බුත්තල ඔක්කම්පිටිය නගරයේ ඇති සියලුම වෙළදසැල් අද (10) පස්වරු හයේ සිට තාවකාලිකව වසා තැබීමට ඔක්කම්පිටිය නගරයේ වෙලදසැල් හිමියන් විසින් පියවර ගෙන තිබෙනවා.
ඔක්කම්පිටිය නගරය ආශ්‍රිතව දැඩි කොවිඩ් අවදානම් තත්ත්වය නිසා මෙම පියවර ගෙන ඇති අතර ඇතැම් වෙලදසැල් හිමියන් විසින් අද දහවල් කාලයේ සිටම වෙලදසැල් වසා තැබීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඊයේ දින ඔක්කම්පිටිය නගරයේ ප්‍රජාව ආශ්‍රිතව සිදු කල රැපිඩ් පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් දාහත් දෙනෙකු වාර්තා වී ඇති අතර බුත්තල ප්‍රදේශයේ සිදු කල පී.සී.ආර් පරීක්ෂණ හැත්තෑ නවයකින් කොවිඩ් ආසාදිතයින් හැත්තෑ දෙදෙනකු හදුනාගෙන තිබෙනවා.
මෙම තත්වයන් හේතු කරගනිමින් ඔක්කම්පිටිය වෙලද සංගමය මගින් මෙම තීරනය ගෙන ඇති අතර වෙලදසැල් විවෘත කරන දිනයක් ඉදිරියේ දී ජනතාවට දැනුම් දෙන බව ඔක්කම්පිටිය වෙලද සංගමයේ සභාපති ඩී.එම්.පී.ජී දිසානායක මහතා පවසනවා.
සංචරණය සීමාවන් සහ නිරෝධායනය නීතීන් දැඩි කළ යුතුයි -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |