කොවිඩ් රෝගීන් වෙනුවෙන් දිවයිනේ සියලුම රෝහල් යොදාගැනීමට සැළසුමක්

covid19 isolated quarantine channa jayasumana prasanna gunasena
By Sewvandhi Aug 10, 2021 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සිදු වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා .

එමෙන්ම දිවයින පුරා රෝහල්වල විශේෂ ඒකක සඳහා වෙන් කර තිබූ වාට්ටු ද ,කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට පියවර ගත් බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා

එම විශේෂ ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන්ද කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදාගෙන තිබෙනවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා යෑම සෞඛ්‍ය අමාත්‍යාංශය හා රෝහල් ප්‍රධානීන් හා එක්ව සාර්ථකව ලෙස කළමනාකරණය කර ඇතැයිද මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

මේ අතර ආසාදිතයෙකුගේ උගුරේ වෛරස ප්‍රමාණය වැඩි වනවිට ඒවා කෙළ බිඳිති මගින් මෙන්ම වාතය මගින්ද පැතිරෙන බව ද පවතින තත්ත්වය යටතේ සියලුම දෙනා කොවිඩ් එන්නත්කරණයට යොමු වීම වැදගත් බවත් කිසිවකු හෝ පූර්ණ එන්නත්කරණයට ලක් නොවී සෙනග රැඳෙන ස්ථානවලට යෑම අවදානම් බවත් ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා

එන්නත්කරණයට ලක්වුවත් මුව ආවරණ පැළඳීම දිගටම කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now