විමර්ශන සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට රඳවා ප්‍රශ්න කරයි.
විමර්ශන කටයුත්තක් සඳහා ඉෂාරා සෙව්වන්දි අද කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් ඇත.
තවද පොලිසිය සදහන් කළේ ඇයට සැඟවී සිටීමට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා තොරතුරු වසන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ පියාගෙන් පද්මේව හඳුනාගත් බව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත.
ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයටද සම්බන්ධව කටයුතු කළ බවයි .
තව දුරටත් සැකකරු ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය පද්මේගේ උපදෙස් අනුව තමා ළග තබා ගත්වගද හෙළිකර තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව පොලීසිය විසින් පුළුල් පරීක්ෂණ සිදු කරනු ලබයි.