තලංගම පොලිසියෙන් ඇල්ලූ IRC ඇඩා - ලක්ෂ 50ක රන් බඩු උස්සලා .
Sri Lanka Police
Sri Lanka
Gold
By Hashini
දිවයින පුරා ලියාපදිංචි අපරාධකරුවෙක් වන මහේෂ් කුමාර නොහොත් ඇඩා තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු විසින් සොරකම් කරන ලද ලක්ශ 50 කට අධික රත්‍රං බඩු සමඟයි.
මහේෂ් කුමාර නොහොත් ඇඩා වසර 8 ක් පුරා බන්ධනාගාරගතව සිට මීට මාස හතරකට පමණ පෙර නිදහස්ව පැමිණි අයෙක්.
පොලීසිය පවසන්නේ තලංගම, තලාහේන, මුල්ලේරියාව, පෙතියාගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයකදී මෙම පුද්ගලයා කොල්ලකෑම් සිදු කර තිබෙන බවයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 10400ක් ද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කර කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම අපරාධකරු නිවෙසක් කොල්ලකා පලා යන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසිනි......
