අලුයම ඉරණවිල වෙරළෙන් මතුවූ අභිරහස් යාත්‍රාව - ඉන්දියාවට අයත්දැයි සැකයක්
By Malith Madushan
ඉන්දියාවට අයත් බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් අද (15) අලුයම හලාවත, ඉරණවිල වෙරළ තීරයට ගොඩගසා තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ යාත්‍රාව කිසිදු ගල්පරයක ගැටීමකින් තොරව වෙරළට පැමිණ ඇති බැවින්, එය කිසියම් පුද්ගලයෙකු විසින් මෙහෙයවා වෙරළට ගෙනවිත් ඇති බවට සැකයක් මතුව ඇති බවයි.
යාත්‍රාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරමින් පවතී. එමෙන්ම යාත්‍රාවට මේ වනවිට නාවික හමුදාව විසින් ආරක්ෂාව ලබාදී ඇති අතර, එය ශ්‍රී ලංකාවට පැමිණි ආකාරය සහ එහි සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනවලදී තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිතය.