ඉරානයේ ප්‍රහාරවලට මස්ක්ගේ Starlink යොදාගෙන? - එලොන් මස්ක්ටත් යකා නැඟිලා

Report

ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඉරානය විසින් ඇමෙරිකානු හමුදා ඉලක්ක කරගත් ප්‍රහාර සඳහා එලෝන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිත කර ඇති බව වාර්තා වනවා.

The Washington Post පුවත්පත සෙනසුරාදා (28) පළ කළ වාර්තාවක දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ SpaceX ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් දැඩි කෝපයට පත්ව ඇති බවයි.

සමාගමේ අභ්‍යන්තර සාකච්ඡා පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් දෙදෙනෙකු උපුටා දක්වමින් එම වාර්තාව පෙන්වා දෙන්නේ, Starlink සේවාව අනවසරයෙන් භාවිත කළ අවස්ථා දෙකක් පිළිබඳව මස්ක් දැනුවත් වී ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන පාසලක පිපිරීමක් - සිසුන් කිහිපදෙනෙකුට අනතුරු සිදුවූ බවට සැකයක්

ඇෆ්ගනිස්ථාන පාසලක පිපිරීමක් - සිසුන් කිහිපදෙනෙකුට අනතුරු සිදුවූ බවට සැකයක්

එම භාවිතයන් ඉරානය ඇමෙරිකානු හමුදාවට එරෙහිව සිදුකරන ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බව ඔහුගේ කණ්ඩායම නිගමනය කර තිබෙනවා.

එමෙන්ම, ඇමෙරිකානු හමුදාව විසින් Starlink හි හමුදාමය කටයුතු සඳහා වෙන් වූ Starshield සේවාව භාවිත කරමින් එක් දිශාවකට පමණක් ගමන් කරන ඩ්‍රෝන යානා පියාසර කර ඇති බවද මස්ක් වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා භාවිත කර ඇත්තේ භූමි මෙහෙයුම් සඳහා වෙන් වූ අඩු මිල සැලසුමක් බවද වාර්තාවේ සඳහන්. මේ සම්බන්ධයෙන් Reuters පුවත් සේවය කළ විමසීම්වලට SpaceX සමාගම හෝ ඉරාන විදේශ අමාත්‍යාංශය වහාම ප්‍රතිචාර දක්වා නැහැ.

මේ අතර, ඉරාන හමුදාව Starlink භාවිත කිරීම පිළිබඳව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් වෙත රහසිගත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද The Washington Post වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කාර්යාලයට අදාළ වාර්තාවක් පිළිබඳව තමන් දැනුවත් නොමැති බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව Reuters වෙත ප්‍රකාශ කර තිබෙනවා.

භූදේශපාලනික ගැටුම් පවතින කලාපවල Starlink සේවාව භාවිත කිරීම, එය ඇමෙරිකානු රජයේ පාලනය යටතේ පැවතීම සහ සම්බාධක පනවා ඇති පාර්ශ්ව විසින් එය නීතිවිරෝධී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.

ඉරානය තුළ Starlink සේවාව ක්‍රියාත්මක කිරීමට නිල අවසරයක් නොමැති වුවද, එරට තුළ එම සේවාව සක්‍රීයව පවතින බව මස්ක් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ව්ලැඩිමීර් පුටින්ගේ හා ට්‍රම්ප්ගේ යාළුකමට යුක්රේනයෙන් ලෙඩක් - මිතුරකු ලෙස හඳුන්වා වැළදගැනීම වැරදි බවට චෝදනා

ව්ලැඩිමීර් පුටින්ගේ හා ට්‍රම්ප්ගේ යාළුකමට යුක්රේනයෙන් ලෙඩක් - මිතුරකු ලෙස හඳුන්වා වැළදගැනීම වැරදි බවට චෝදනා