තාක්ෂණ ලෝකය උණුසුම් කළ නීතිමය සටන - OpenAI සහ Apple අතර ගැටුම තවදුරටත් උග්‍ර වෙයි

Report

ChatGPT නිර්මාණය කළ OpenAI සමාගම, Apple සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. හිටපු සේවකයෙකු හරහා රහස්‍ය තොරතුරු ලබාගෙන, පාරිභෝගික දෘඩාංග වෙළඳපොළට පිවිසීමේ සිය සැලසුම් අඩපණ කිරීමට Apple සමාගම උත්සාහ කළ බවට OpenAI චෝදනා කරයි.

මේ බව BBC පුවත් සේවය වාර්තා කර ඇත. කැලිෆෝනියාවේදී සිකුරාදා ගොනු කළ මෙම ප්‍රති-නඩුව, OpenAI සමාගම සහ එහි හිටපු සේවකයින් දෙදෙනෙකු Apple සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින තොරතුරු සොරකම් කළ බවට චෝදනා කරමින් Apple සමාගම ජූලි මාසයේදී ගොනු කළ නඩුවට ප්‍රතිචාරයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

OpenAI පවසන්නේ Apple සමාගම, තම හිටපු සේවකයෙකු නැවත සේවයට බඳවා ගැනීම හරහා ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන උපාංග සහ අනාගත නිෂ්පාදන සැලසුම් පිළිබඳ රහස්‍ය තොරතුරු ලබාගෙන ඇති බවයි.

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

එමෙන්ම, Apple නිෂ්පාදන සමඟ සෘජුව තරග කළ හැකි තමන්ගේ ඉදිරි උපාංග නිෂ්පාදනය සඳහා OpenAI සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් දෘඩාංග සැපයුම්කරුවන් අධෛර්යමත් කිරීමට Apple සමාගම කටයුතු කළ බවට ද OpenAI චෝදනා කරයි.

කෙසේ වෙතත්, Apple සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. එසේම, OpenAI විසින් ගොනු කළ ප්‍රති-නඩුව, තමන් OpenAI සමාගමට එරෙහිව මුලින් ගොනු කළ නඩුවෙන් අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් බව Apple පවසා ඇත.

හිටපු Apple නිර්මාණ ප්‍රධානී ජොනී අයිව් (Jony Ive) විසින් ආරම්භ කරන ලද io Products සමාගම ඩොලර් බිලියන 6.5ක වටිනාකමකට අත්පත් කර ගැනීමෙන් පසුව, OpenAI සමාගම සිය ව්‍යාපාරික කටයුතු කෘත්‍රිම බුද්ධි මෘදුකාංගවලින් ඔබ්බට පුළුල් කරමින් පාරිභෝගික දෘඩාංග වෙළඳපොළට ද පිවිසීමට සැලසුම් කර තිබේ.

මෙම සිදුවීමත් සමඟ ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් දෙකක් අතර නීතිමය ගැටුම තවදුරටත් උග්‍ර වී ඇත. කෙසේ වෙතත්, දෙපාර්ශ්වයම තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 29 ඉරිදා 2026