ඉරානයෙන් රටවල් තුනකට තර්ජන.බාධා කලොත් ගහනවා
ඉරාන් ඊශ්‍රායල යුද්ධය මෙවන විට උණුසුම් තත්ත්වයක පවතින අතර දෙරටම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් සූදානම් කරයි.ඒ අතරතුර ඉරානය ඔවුන්ගේ සැලසුම් සඳහා බාධා කරන රටවල් කීපයක් වෙත අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
ඒ ආකාරයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය වෙත ඉරානය අනතුරු අඟවා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එම රටවල් තුන කටයුතු කරනු ලැබුවහොත් එම රටවල් තුනට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
මේ අතර ඉරානයේ සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම තම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහු පවසයි. ඊශ්‍රායලය විසින් මේ දක්වා සිදුකර ඇති ප්‍රහාර හමුවේ ඉරාන හමුදාපතිවරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව වාර්තා කර තිබේ. මේ අතර හෙට (15) පැවැත්වීමට තිබූ ඉරානය සහ අමෙරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා අවලංගු කර ඇති බවද වාර්තා වේ.
