සංචාරය අවසන් කර ජනපති යළි දිවයිනට
By Mithu
දෙරටේ ආයෝජනය සහ සංචාරක ව්‍යාපාර ශක්තිමත්ජ කිරීමේ අරමුණෙන් ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑනම දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරතවූ අතර ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් - වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුවය.