සුබ ආරංචියක් තෙල් සඳහා පැනවූ නීති රීති දින 30කට ඉවතට
ලෝක වෙළඳපොලේ තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුමට ඇති වූ පීඩනය හේතුවෙන්, ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
ඒ අනුව, දැනටමත් නැව්ගත කර ඇති ඉරාන තෙල් සම්බන්ධයෙන් සම්බාධක දින 30ක කාලයක් සඳහා ඉවත් කරන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල අධික ලෙස ඉහළ යාම නිසා පාරිභෝගික රටවල් සහ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන පීඩනය අවම කිරීමේ අරමුණින් බවද වාර්තා වෙයි.
එමෙන්ම, තාවකාලිකව සම්බාධක ඉවත් කිරීම මඟින් ගෝලීය වෙළඳපොලට තෙල් සැපයුම වැඩි කරමින් මිල ස්ථායී කිරීමට උත්සාහයක් දරන බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.