මැදපෙරදිග දැවැන්ත යුද ගින්නක්? ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර

Report

එක්සත් ජනපදය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරක අණ හා පාලන මධ්‍යස්ථානයක් සහ ඩ්‍රෝන යානා ගබඩා පහසුකමක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබේ.

ඉරානය වැඩිදුරටත් සඳහන් කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත්, තමන්ට එරෙහිව තවත් ප්‍රහාර එල්ල වුවහොත් කලාපයේ පිහිටි අතිරේක "සතුරු කඳවුරු" ද ඉලක්ක කරන බවත්ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශ ස්වාධීනව තහවුරු කර නොමැත. මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කටාර් යන රටවල් ද ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

අබුඩාබි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඉරානයෙන් පැමිණි බව කියන මිසයිල සහ ඩ්‍රෝන යානා මැඩපැවැත්වීම සඳහා තම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවයි.

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය රට පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද කළ බව ප්‍රකාශ කර ඇති අතර, කටාර් අගනුවර වන දෝහාහි පිපිරීම්වලට සමාන ශබ්ද ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එමෙන්ම, කටාර් බලධාරීන් ජංගම දුරකථන හරහා මහජනතාවට ආරක්ෂක අනතුරු ඇඟවීම් යොමු කරමින් නිවෙස්වල හෝ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

පසුව කටාර් රජය ප්‍රකාශ කළේ, තම සන්නද්ධ හමුදා රට ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාරයක් සාර්ථකව මැඩපවත්වා ඇති බවයි.

රොන්ටෝ සල්සා උත්සවය ලෙයින් තෙත් වෙයි - වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරු, 5කට තුවාල

රොන්ටෝ සල්සා උත්සවය ලෙයින් තෙත් වෙයි - වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරු, 5කට තුවාල