රොන්ටෝ සල්සා උත්සවය ලෙයින් තෙත් වෙයි - වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරු, 5කට තුවාල

Report

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සෙනසුරාදා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පස් දෙනෙකු වෙඩි තැබීමේ තුවාල ලබා ඇති බව එරට පොලිසිය නිවේදනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමේ තුවාල සහිත පුද්ගලයින් පස් දෙනෙකු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, ඉන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.

සෙසු තුවාලකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ටොරොන්ටෝ නගරයේ මිඩ්ටවුන් ප්‍රදේශයේ වාර්ෂික සල්සා ඔන් ශාන්ත ක්ලෙයාර් (Salsa on St. Clair) උත්සවය පැවැත්වෙමින් තිබියදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් අදාළ ප්‍රදේශය මඟහැර යන ලෙසත්, පොලිසිය නිකුත් කරන සියලු උපදෙස් පිළිපදින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ටොරොන්ටෝ පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, පොලිසියේ නිල X ගිණුම හරහා නිකුත් කර ඇති තොරතුරුවලට අමතරව මේ වන විට වෙනත් තොරතුරු ලබාදිය නොහැකි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලැබෙන පරිදි යාවත්කාලීන කිරීම් නිකුත් කරන බව පොලිසිය සඳහන් කර ඇති අතර, සැකකරුවෙකු, සිද්ධියේ චේතනාව හෝ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල තොරතුරක් ප්‍රකාශයට පත් කර නොමැත.