හෝමුස් සමුද්‍ර සන්ධියට තර්ජනය නවත්වන්න- ඉරානයට එරෙහිව ලෝක බලවේග එකතුවෙයි

Report

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ජපානය යන රටවල නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව නැව්ගත කිරීම් සිදුකිරීමේ අයිතිය තහවුරු කර ඇත.

ගල්ෆ් කලාපයේ නිරායුධ වාණිජ යාත්‍රාවලට, තෙල් හා ගෑස් ස්ථාපනයන් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර මෙන්ම, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ එහිදී ගමන්කිරීම අවහිර කිරීම දැඩි ලෙස හෙළා දකින බව ඔවුන්ගේ ප්‍රකාශයෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව, ඉරානය විසින් එල්ල කරන ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර වාණිජ නැව්ගත කිරීම අවහිර කිරීමට ගන්නා වෙනත් උත්සාහයන් වහාම නැවැත්විය යුතු බවත්, ජාත්‍යන්තර නැව්ගත කිරීම්වලට සිදුකරන සියලු අතපෙවීම් නතර කළ යුතු බවත් ඔවුහු ඉල්ලා සිටිති.

'ආමි උපුල්' ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

'ආමි උපුල්' ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

එසේම, තෙල් හා ගෑස් ස්ථාපනයන් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර පුළුල් ලෙස හා වහාම අත්හිටුවිය යුතු බවද මෙම ඒකාබද්ධ ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු උත්සාහයන්ට දායක වීමට සූදානම් බවද එම රටවල නායකයින් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති සැපයුම් මාර්ගවලට එල්ල වන තර්ජන හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවේ එකඟතාවයක් පෙන්වන වැදගත් පියවරක් ලෙස සැලකේ.

පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග පුද්ගලයෙක් කොටු

පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග පුද්ගලයෙක් කොටු