ට්‍රම්ප්ගේ පදනම් විරහිත කතා මැද ඉරානය සහ පාකිස්තාන බලධාරීන් අතර හදිසියේම දුරකතන සංවාදයක්
By Kaushi
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, පාකිස්තාන බලධාරීන් සමඟ දුරකතන සංවාදයක නිරතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් සහ පාකිස්තාන හමුදා අණදෙන නිලධාරී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් සමඟ ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ දුරකතන සංවාදයක නිරතව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එමෙන්ම සටන් විරාමය, කලාපීය වර්ධනයන් සහ ගැටලු පිළිබදව එහිදි අවධානය යොමු කර ඇති බව ද පවසයි.
මේ අතර අමෙරිකානු හමුදාව විසින් ඉරාන ධජය සහිතව සිය භාරයට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව චීනයෙන් ලැබුණු ත්‍යාගයක් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ කිසිදු පදනමකින් තොරව සිදුකරන බවයි.