සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Report

සෞදි අරාබියේ රියාද් අගනුවර අසල පිහිටි ‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුර ඉරානය විසින් නැවතත් මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයට ලක්ව තිබේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් රියාද් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, රියාද් සහ නැගෙනහිර පළාත් කලාපවලට එල්ල වූ මෙම ප්‍රහාරයේදී ඩ්‍රෝන යානා 10ක් පමණ ව්‍යාර්ථ වූ බවයි.

අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුර අමෙරිකානු යුධ ගුවන් යානා බහුලව නිවහනක් ලෙස සැලකේ.

කෙසේ වෙතත්, ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ, මෙම ප්‍රහාරය ‘සැල්වෝ’ මිසයිල ප්‍රහාරයක් බවයි. සැල්වෝ මිසයිල ප්‍රහාරයක් යනු තනි ඉලක්කයක් හෝ ප්‍රදේශයක් වෙත එකවර මිසයිල රැසක් දියත් කිරීමේ ක්‍රමයකි.

ඉරානය සහ රුසියාව යන රටවල් මෙම සැල්වෝ ක්‍රමය පුළුල් ලෙස භාවිතා කරන රටවල් ලෙස හැඳින්වේ.

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්