IPL තරග අත්හිටුවයි

indian ipl chennai super kings primier leag
By Sewvandhi May 04, 2021 08:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය තාවකාලිකව අත්හිටුවන්නට තරඟ සංවිධායකයින් තීරණය කර ඇති බව වාර්තා වනවා. මේ වනවිටත් තරඟාවලියට එක්ව සිටින කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම මීට හේතු වී තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කාර්රය මණ්ඩලයේ සමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් චෙන්නායි සියලුම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ව නිරෝධායන සඳහා යොමු කරන්නට අද පියවර ගනු ලැබුවා.

කොවිඩ් ආසාදිතයින් අතරට චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන ඉන්දීය හිටපු ක්‍රීඩක ලක්ෂ්මිපති බාලාජි ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඊයේ කොල්කටා සහ බැංගලෝර් අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟය කල්දමන්නට ද තරඟ සංවිධායකයින් විසින් පියවර ගත්තේ කොල්කටා කණ්ඩායමේ වරුන් චක්‍රවර්තිට සහ සන්දීප් වොරියර්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ අද තරඟ වැදීමට නියමිතව සිටි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ එක් ක්‍රිඩකයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now