අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්

Report

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ජූලි 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන් අතර, එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරු ලබන ජූලි 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරයි.