බන්ධනාගාර ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් විශේෂ කැඳවීමක්

Report

දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේදී නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ මූලික අරමුණින් මෙම විශේෂ සාකච්ඡාව පවත්වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

මේ රාජ්‍ය නිලධාරීන් දින දෙකක් අසනීප නිවාඩු - දීමනා මුල්කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග

මේ රාජ්‍ය නිලධාරීන් දින දෙකක් අසනීප නිවාඩු - දීමනා මුල්කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග

ඒ අනුව, එළඹෙන 18 වනදා පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, පොලිස්පතිවරයා මෙන්ම අදාළ විෂය භාර අමාත්‍යාංශවල ලේකම්වරුන් ද මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පෙන්වා දුන්නේ, බන්ධනාගාර රැඳවියන් දැනට මුහුණ දී සිටින ගැටලුකාරී තත්ත්වයන් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට රජය නිසි යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමට සිදුවන බවයි.

බස්නාහිරින් අඩකටත් වඩා ඩෙංගු රෝගීන් - ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප බවට

බස්නාහිරින් අඩකටත් වඩා ඩෙංගු රෝගීන් - ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප බවට