විශේෂ අනතුරු ඇගවීමක් - අගෝස්තු 15න් පසු කාලගුණය උඩුයටිකුරු වෙමින් මුළු ලංකාව් ගිනියම් වේ
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් මේ ආකාරයෙන්ම පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන අගෝස්තු 15 වැනිදායින් පසුව එම වැසි තත්ත්වයේ ක්රමවේදී අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේය.
මේ අතර, දැනට දිවයිනට බලපෑම් එල්ල කරමින් පවතින 'එල් නිනෝ'කාලගුණික තත්ත්වය ඉදිරි කාලයේදීත් සක්‍රීයව පවතිමින් ලබන වසරේ ඊසානදිග මෝසම් කාලසීමාව දක්වාම බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල දැඩි වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට එල්ල වන පාරිසරික සහ ජල අර්බුදකාරී බලපෑම තවදුරටත් ඉහළ යාමට වැඩි ඉඩකඩක් පවතී.
එලෙස දිගින් දිගටම පවතින වියළි ස්වභාවය හේතුවෙන් ඉදිරියේදී සුළඟේ වේගය අඩුවීමට ඉඩ ඇති අතර, වායුගෝලයේ ආර්ද්‍රතාවය ද සමඟ මුසු වී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය යළිත් සැලකිය යුතු ලෙස ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.