ජලයේ ගිලෙන කෙනෙකු දුටුවොත් නොපෙනී වතුරට පනින්න එපා - ඔබත් ආරක්ෂා වී තවකෙකුගේ ජීවිතයක් බේරාගන්නා පියවර 3ක්

By Kanchana Aug 09, 2026 07:13 AM GMT
Report

ජලයේ ගිලෙන කෙනෙකු දුටු සැනින් ඔබ කළ යුත්තේ කුමක්ද? කලබල වී වතුරට පැනීමට පෙර, ඔබේ ආරක්ෂාවත්, ගිලෙන පුද්ගලයාගේ ආරක්ෂාවත් ගැන සිතන්න. ජලයේ ගිලෙන පුද්ගලයෙකුට උපකාර කිරීමේදී මතක තබාගත යුතු මූලික ජීවිතාරක්ෂක පියවර 3ක් මෙන්න 

1.Talk Rescue —කතා කර උපකාර කිරීම 

අවදානම අඩුම ක්‍රමය මෙයයි. ගිලෙන පුද්ගලයා ඔබට ආසන්නයේ සිටින අතර ඔහුට සිහිය තිබේ නම්, කලබල නොවී ඔහුට කතා කරන්න. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුභ ආරංචියක් - 2030 ලංකාවටම සුභ වෙන්නයි යන්නේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුභ ආරංචියක් - 2030 ලංකාවටම සුභ වෙන්නයි යන්නේ

පිටුපසට හැරී පාවෙන ලෙසත්,  අසල ඇති ආරක්ෂිත ගොඩබිම දෙසට පිහිනන ලෙසත්, සන්සුන්ව පැහැදිලි උපදෙස් ලබා දෙන්න.

2.Throw Rescue — උපකරණයක් විසි කර උපකාර කිරීම 

කතා කිරීමෙන් ළඟා විය නොහැකි නම්, ජලයට නොබැස උපකාර කරන්න. ගිලෙන පුද්ගලයා වෙත ලණුවක්, පාවෙන උපකරණයක් හෝ ජලයේ පාවෙන වෙනත් ආරක්ෂිත දෙයක් යොමු කරන්න. ඔහුට එය අල්ලාගත හැකි වූ විට, එහි ආධාරයෙන් ආරක්ෂිත ස්ථානයක් වෙත ගෙන ඒමට උත්සාහ කරන්න.

3. Water Rescue — ජලයට බැස බේරාගැනීම

 අනෙක් ක්‍රම භාවිත කළ නොහැකි අවස්ථාවක පමණක් සලකා බැලිය යුතු, වැඩි අවදානමක් සහිත ක්‍රමයයි. මෙය සිදු කළ යුත්තේ හොඳින් පිහිනීමට හැකියාව ඇති, සුදුසු පුහුණුවක් ඇති පුද්ගලයෙකු විසින් හැකි නම් පාවෙන ආධාරකයක්ද භාවිත කරමිනි.

 ගිලෙන පුද්ගලයා කලබල වී ඔබව අල්ලාගැනීමට උත්සාහ කළ හැකි බැවින්, පුහුණුවක් නොමැතිව ඔහු වෙත ළඟා වීම දෙදෙනා

ගේම ජීවිතයට අවදානමක් විය හැකිය. 

මතක තබාගන්න!

ජලයේ ගිලෙන කෙනෙකු බේරාගැනීමේදී

Rsescuer Safety 

බේරාගැනීමට යන පුද්ගලයාගේ ආරක්ෂාව — පළමු ප්‍රමුඛතාවයයි.

“Reach or Throw, Don’t Go”

— හැකි සෑම විටම ජලයට නොබැස, ළඟා වී හෝ යමක් විසි කර උපකාර කිරීම වඩාත් ආරක්ෂිතයි.

Gallery