2026 උසස් පෙළ විභාගය හෙට - සියල්ල සූදානම්
2026 උසස් පෙළ විභාගය හෙට (10) වැනිදා ආරම්භ වීමට නියමිතයි. එය ලබන සැප්තැම්බර් 5 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ විභාග පැවැත්වෙන අතරතුර කිසියම් ආපදා බලපෑමක් මතු වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති බවයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බවයි.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත ද තැපැල් කර ඇති බවයි. වැඩිදුරටත් ඇය පැවසුවේ විභාග ශාලාවට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය වන බවයි.