“කුසල් මෙන්ඩිස්ට නව වගකීමක් - ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපති වෙයි”

Report

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පත්ව තිබේ. ඔහු මෙම තනතුරට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු මහා සභා රැස්වීමේදීය.

වනිඳු හසරංග, චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්වාධීන හා සාමූහික හඬක් ලබාදීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවා ඇත.

ලොව පුරා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ගෝලීය සංවිධානය වන ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ සෘජුවම අනුබද්ධව මෙම නව සංගමය කටයුතු කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය ඇතුළු රටවලද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කිරීම සඳහා මෙවැනි සංගම් ක්‍රියාත්මක වේ.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...