විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුභ ආරංචියක් - 2030 ලංකාවටම සුභ වෙන්නයි යන්නේ
2026 වසරේදී ඇමෙරිකා ඩොලර් බිලියන 9ක් දක්වා වන ඉලක්කය සපුරා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හැකි බව එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ 2030 වසර වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය ඇමෙරිකා ඩොලර් බිලියන 12ක ඉලක්කයක් බවයි. විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළකර ඇත.
විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 95 දෙනෙකු සඳහා මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමුණු අතර ‘‘ අපි අපේ ලෝකය පාටකරමු” අපේ රට විරුවෝ යන තේමාවෙන් පැවති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ සහ සහතිකපත් පිරිනැමීම මෙහිදී සිදු විය.