ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු හෙළිවේ

By Sewvandhi Nov 01, 2021 12:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අයි එස් සාමාජිකයෙකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මොහොමඩ් සම්සුදින් නම් අයි එස් සාමාජිකයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශය විසිනුයි. ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තිබී ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සමග සබඳතා පැවැත්වූ තොරතුරු හමුවී ඇතැයි ත්‍රස්ත මර්දන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ ගිණුමේ තිබී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු ලෙස කටයුතු කල සහරාන් හෂීම් ගේ ඡායාරූප සහ දේශනද සොයාගෙන ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා.

මෙම 702 දෙනා අතුරින් එක් අයෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය කෙරුණා. ඔහු රඳවාගෙන අයි එස් සබඳතා පිළිබඳ විමර්ශන සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කලේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW