අන්තර්ජාලය ගැන ඇඟ හිරි වැටෙන සොයා ගැනීමක් - ඔයත් දවසම internet යනවා නම් ඉවරයි

Report

වර්තමානයේ අන්තර්ජාලය භාවිතා කරන විට මිනිසුන්ට දැඩි හුදකලා බවක් දැනෙන බව නිව් සයන්ටිස්ට් වාර්තාවක් හෙළි කරයි.

ඒ අනුව ඈනලී නිවිට්ස් පෙන්වා දෙන්නේ මීට වසර 80කට පමණ පෙර, සමාජ විද්‍යාඥයින් විසින් හුදකලා බවට ඉතා සංවේදී වන පෞරුෂත්ව වර්ගයක් හඳුනාගත් බව සහ එය අද කාලයටද බෙහෙවින් අදාළ වන බවයි.

ඒ අනුව ඇමරිකාවේ බොහෝ දෙනෙකු මෙන්ම ඇයද නිරන්තරයෙන් දුරකථනයට ඇබ්බැහි වී සිටින අතර, සමාජ මාධ්‍ය පෝස්ට්, පෝඩ්කාස්ට් සහ පුවත් පත්‍රිකා වැනි විවිධ යෙදුම් හරහා තොරතුරු ලබා ගැනීමට හුරුවී සිටින බව සඳහන්.

විශේෂයෙන්ම ඇය මිනියාපොලිස් හි විරෝධතා පිළිබඳ වීඩියෝ යාවත්කාලීන කිරීම් සහ වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාර හා ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයින් පළ කරන ලිපි වැනි දේ දැඩි උනන්දුවෙන් පරිශීලනය කරන බව සඳහන්.

Siri වෙනස් වෙයි - දැන් iPhone, iPad සහ Mac වලට එන්නේ මෙහෙමයි

Siri වෙනස් වෙයි - දැන් iPhone, iPad සහ Mac වලට එන්නේ මෙහෙමයි

එහෙත් ඇතිවන පුදුම සහගත තත්ත්වය නම්, අන් අය පවසන දේ වැඩි වැඩියෙන් නරඹන සහ කියවන විට ඇයට තනිකමක් දැනීමයි.

කෙසේ වෙතත් මෙය අලුත් හෝ අසාමාන්‍ය අත්දැකීමක් නොවන බවත්, වසර 80ක පමණ සිට සමාජ විද්‍යාඥයින් මේ පිළිබඳව සාකච්ඡා කරන බවත් මූලාශ්‍ර දක්වයි.

එමෙන්ම 1950 වසරේදී ඩේවිඩ් රීස්මන්, නේතන් ග්ලේසර් සහ රියුයෙල් ඩෙනී විසින් ප්‍රකාශයට පත් කරන ලද 'ද ලෝන්ලි ක්‍රවුඩ්' නම් කෘතියේ මේ පිළිබඳව සඳහන් කර ඇත.

ඒ අනුව පාරිභෝගිකවාදය සහ ජනමාධ්‍යයේ වර්ධනය හේතුවෙන් ‘අන් අය මත යැපෙන’ යනුවෙන් නව පෞරුෂත්වයක් ඇති වී තිබෙන බවත්, එවැනි පුද්ගලයින් හුදකලා බවට ඉතා සංවේදී බවත් එම කෘතියේ තර්ක කරයි.

එබැවින් නිව් සයන්ටිස්ට් සඟරාව විසින් පළකරන ලද වාර්තාවක දැක්වෙන්නේ වර්තමාන සමාජ මාධ්‍ය සහ AI චැට්බොට් පවතින යුගය පිළිබඳව එම පුරෝකථනයන් පුදුම සහගත ආකාරයට නිවැරදි වන බවයි.

ආයේ සෝශල් මීඩියාවල මේවා කරන්න බෑ - ඇමති නලින්දගෙන් ඉඟියක්

ආයේ සෝශල් මීඩියාවල මේවා කරන්න බෑ - ඇමති නලින්දගෙන් ඉඟියක්

හෙට උදේ 8 සිට පැය 48ක් රට පුරා වෙන්නේ මේකයි - දැනුම්දීමක්

හෙට උදේ 8 සිට පැය 48ක් රට පුරා වෙන්නේ මේකයි - දැනුම්දීමක්