ජනපතිගේ කාන්තා දින පණිවුඩය

Anura Kumara Dissanayaka International Women's Day
By Shehan Mar 08, 2025 04:05 AM GMT
Shehan

Shehan

Report

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ වැඩකරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුම බවය.

ජනාධිපතිවරයාගේ කාන්තා දින පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ

"1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් ''පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසු කාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය."

ලිංගික හිරිහැර චෝදනා නැගූ නයිජීරියානු මන්ත්‍රීවරිය සෙනෙට් සභාවෙන් දොට්ට

ලිංගික හිරිහැර චෝදනා නැගූ නයිජීරියානු මන්ත්‍රීවරිය සෙනෙට් සභාවෙන් දොට්ට

"පසුගිය කාලය පුරා අප රටෙහි ද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහ පොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවීය."

 ජාතික ජන බලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත්ය. ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන අතරම, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරමි."

ඒ අනුව "සියලු කාන්තාවන් හා ගැහැණු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ '' තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් " මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව ජනාධිපතිවරයා සිහිපත් කරයි. 

ReeCha